විවේකය
NDB Privilege බැංකුකරණය සුවිශේෂීව සැලසුම් කර ඇත්තේ මූල්‍ය සේවා වලින් ඔබ්බට ගොස් විනෝදාංශ, ක්‍රීඩා හෝ ඔබේ පවුල සමඟ ගත කරන කාලය සඳහා ජීවන රටාව සහ විවේක අවස්ථා ලබා දීම වෙනුවෙන්ය. ඔබේ Privilege Visa ඩෙබිට් කාඩ්පත මඟින් ලොවපුරා ගෙවීම් කටයුතු සහ ATM යන්ත්‍ර හරහා දේශීයව සහ විදේශීය රටවලදී ඔබේ මුදල් වෙත ප්‍රවේශය ලබා දෙන අතර, විශේෂ දීමනා සහ ගෙවීම් සැලසුම්වල ප්රතිලාභ සමඟ තවදුරටත් ගමන් හෝ පුද්ගලික වියදම් සඳහා පහසුකම් සැලසිය හැකි NDB ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහාද ඔබට හිමිකම් ඇත. Privilege බැංකුකරණ ගනුදෙනුකරුවෙකු ලෙස ඔබට පූර්ව අනුමත NDB ක්‍රෙඩිට් කාඩ්පත් ඉල්ලුම්කර ලබා ගත හැකිය.
ව්‍යාපාර බැංකුකරණය
Privilege බැංකුකරණය යනු පෞද්ගලික ගනුදෙනුකරුවන්ට මෙන්ම ව්‍යාපාර සඳහාද පිරිනමන සේවාවකි. NDB බැංකුවේ එවැනි ගිණුම් හිමියන්ට ව්‍යාපාර සංවර්ධනය සඳහා විශේෂ සහයෝගයක් පිරිනමනු ලබන අතර සුවිශේෂී බැංකු පොලී අනුපාත සහ බොහෝ සේවා ගාස්තු නිදහස් කිරීම් හරහා ප්රතිලාභ ලබා ගත හැකිය. Privilege බැංකුකරණය මඟින් එක් එක් ස්ථර වලදී හිමිවන වරප්‍රසාද පෞද්ගලික ගනුදෙනුකරුවන්, ව්‍යාපාර සහ ව්‍යවසායකත්ව ව්‍යාපාර සඳහා ඔබේ අවශ්‍යතා වලට ගැළපෙන පරිදි සුදුසු බැංකු ව්‍යුහයක් අනුගමනය කළ හැකිය.
මූල්‍ය උපදේශනය
ඔබේ සම්බන්ධතා කළමනාකරු මූල්‍ය වෙළෙඳපොළ, ආයෝජන අවස්ථා සහ අමතර වටිනාකමක් ලබා දෙන වරප්‍රසාද ලත් සේවාවන් පිළිබඳ දැනුමක් ලබා දී ඇත. ඔවුන් විසින් ගොඩනැගෙන අවස්ථාවන් සහ පුද්ගලාරෝපිත අභිලාෂයන් මත පදනම්ව ආයෝජන මාර්ගෝපදේශ සහ මූල්‍ය උපදේශන ඔබට ලබාදෙයි. ඔබේ මූල්‍ය ඉලක්ක පිළිබඳ අවබෝධයෙන් සහ ධනාත්මක ආකල්පයකින් යුතුව වර්තමානයේ ඔබගේ සුවපහසුව සලසන අතරම ඔබේ අනාගත ඉලක්ක ලඟාකරගැනීමට පහසුවක් ගෙන එයි.
සම්බන්ධතා කළමනාකරු
රහස්‍යභාවය සහ කාර්යක්ෂමතාවය සහතික කිරීම සඳහා සෑම NDB Privilege Banking ගනුදෙනුකරුවෙකු සඳහාම කැපවූ සම්බන්ධතා කළමනාකරුවෙකු පත් කෙරේ.
මෙම පුද්ගලික සම්බන්ධතාවය හරහා සෑම ගනුදෙනුකරුවෙකු සමඟම විශ්වාසදායක සම්බන්ධතාවයක් ඇති කරගැනීමට සහාය වන අතර ගනුදෙනුකරුවන්ගේ තීරණාත්මක/සංවේදී මූල්‍ය අවශ්‍යතා සමඟ කටයුතු කිරීමේදී ඵලදායී ලෙස ලබා දෙමින් ඔබේ බැංකුකරණ අවශ්‍යතාවය පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි සැලසීමට උපකාරී වේ. මෙමඟින් NDB බැංකුව ඔබගේ මූල්‍ය සහකරු ලෙස අන්‍යෝන්‍ය විශ්වාසය සහ අවබෝධය සහතික කරයි.