ඩිජිටල් බැංකු විසඳුම්

NEOSBiz සමග විප්ලවීය බැංකුකරණය අත්විඳින්න!

NEOSBiz යනු ශ්‍රී ලංකාවේ පළමු වරට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ සමාගම් සඳහා විශේෂයෙන් හඳුන්වා දෙන ලද ජංගම යෙදුමයි.  ඔබට ඇත්තේ තනි පුද්ගල ව්‍යාපාරයක්, හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් හෝ නැතිනම් සමිති සමාගමක් වේවා , ඔබගේ මුල්‍ය කටයුතු කාර්යක්ෂමව සහ පහසුවෙන් සම්පුර්ණ කරගැනීමට NEOSBiz උපකාරී වේ 

NEOSBiz ඔබට ඔබගේ ජංගම දුරකතනයට බාගත කරගැනීමේ හැකියාව ඇත. ඒවගේම NEOSBiz සේවාවට ලියාපදිංචි වී, අදාළ සීමාවන්  සමග වෙනම පරිශීලකයන් නියම කිරීමට හැකිවේ. එමඟින් ඔවුන්ට ව්‍යාපාරයෙන් අවසර කරන ගනුදෙනු පමණක් සිදුකළ හැක.

ප්‍රධාන විශේෂාංග

  • 24 /7 සේවාව ලබාගැනීමේ හැකියාව. 
  • ඔබ ගමන් අතරතුරම ගනුදෙනු කිරීමේ හැකියාව 
  • ඔබේ ව්‍යාපාරයෙන් සිදු කරන සියලු ගෙවීම් නිරීක්ෂණය කිරීම
  • සියලුම ගනුදෙනු සඳහා Maker-Checker වලංගු කිරීම
  • ගෙවීම් ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කිරීමට අවසර දෙන අනුමත මට්ටම්

ඔබේ ගනුදෙනු සඳහා උපරිම ආරක්ෂාව

  • පාරිභෝගිකයා විසින් නියම කරන පරිශීලකයන්
  • පාරිභෝගිකයා විසින් නියම කරන අනුමත මට්ටම්
  • සියලු මූල්‍ය ගනුදෙනු සඳහා Maker-Checker වලංගු කිරීම

කාලය ඉතිරි කිරීම

  • අනුමත කිරීමට බලාපොරොත්තු වන ගෙවීම් දැන්වීම්
  • ගෙවීම් පිලිබඳ තත්කාලීන දැනුම්දීම.