NEOSBIZ සමඟ බැංකුකරණයේ විප්ලවීය වෙනසක් අත්විඳින්න!
NEOSBIZ යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දුන් ඩිජිටල් විසඳුමක් වන අතර එය විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ආයතන ඉලක්ක කරගත් මොබයිල් බෑන්කින් ඇප් එකක් ලෙස හඳුන්වා දෙන ලදී. එය තනි හිමිකාරත්වයක්, හවුල්කාරිත්වයක්, සීමිත වගකීම් සමාගමක් හෝ සමාජ සංවිධානයක් වුවද, NEOSBIZ සමඟ පහසුවෙන් සහ ආරක්ෂිතව ඔබට ඔබේ මූල්‍ය කටයුතු කාර්යක්ෂමව කළමනාකරණය කළ හැකිය.
NEOSBIZ ඕනෑම ස්මාර්ට් ජංගම දුරකථනයකට Google Play Store හෝ Apple App Store හරහා නොමිලේ බාගත කළ හැකිය. එය ඔබ වැනි ස්මාර්ට් ව්‍යාපාර හිමිකරුවන්ට සේවාව සඳහා ලියාපදිංචි වීමට සහ විවිධ ගනුදෙනු සීමාවන් පැවරිය හැකි තනි පරිශීලකයින් පත් කිරීමට හැකියාව ලබා දෙයි. ඒ මඟින් ඔවුන්ට අවසර ලත් සීමාවකට යටත්ව ගනුදෙනු සිදු කිරීමට ඉඩ සලසයි.
ප්‍රධාන විශේෂාංග
දේශසීමා අභිබවා ගිය බැංකුකරණය
- 24/7 පුරාම සේවාව ලබා ගැනීමේ හැකියාව
- ගමන් බිමන් අතරතුරම අවශ්‍ය පහසුව අනුව ගනුදෙනු සාදන්න
- ඔබේ ව්‍යාපාරයෙන් පිටතට යන සියලුම ගෙවීම් පිළිබඳ වාර්තාවක් තබා ගන්න
- සියලුම ගනුදෙනු සඳහා Maker-checker තහවුරු කිරීම
- ගෙවීම් ක්‍රියාවලිය වඩාත් කඩිනම් සහ වේගවත් කිරීම සඳහා බලයලත් ගනුදෙනු මට්ටම්
ඔබේ ගනුදෙනු සඳහා අද්විතීය ආරක්ෂාවක්
- පාරිභෝගිකයාට අවශ්‍ය පරිදි පරිශීලකයින් සැකසීම
- පාරිභෝගිකයා විසින් සකසාගත් ගනුදෙනු අනුමත කිරීමේ මට්ටම්සි
- යලුම මූල්‍ය ගනුදෙනු සඳහා Maker-checker තහවුරු කිරීම
- තනි අවසරයකින් QR ගෙවීම්
ගනුදෙනු වල වේගවත් බව
- ගනුදෙනු අනුමත කිරීම් සඳහා දැනුම්දීමේ ඇඟවීම්
- එසැනින් ගෙවීම් විස්තර බෙදාහැරීම