දැක්ම ප්‍රකාශනය
අපගේ දර්ශනය වන්නේ මූල්‍ය සේවා කර්මාන්තයේ ප්‍රභල වර්ධනයක් කිරීම සදහා, කොටස්කරුවන්ගේ අගය වැඩි දියුනු කිරීමෙන් සහ නවෝත්පාදනමය මූල්‍ය විසඳුම් මගින් පුද්ගලයින් සවිබලගැන්වීමෙන් ජාතික සංවර්ධනයට දායකවීමයි. මෙය උද්‍යෝගිමත් සහ කැපවූ කණ්ඩායමක් විසින් අඛණ්ඩ විශිෂ්ඨත්වය වෙනුවෙන් කැපවී සිදු කරයි.
මෙහෙවර ප්‍රකාශනය
මූල්‍යවශයෙන් සවිබලගැන්වූ ශ්‍රී ලංකාවක් සඳහා නවෝත්සාහයේ බලය.
අපගේ අගයන්
අඛණ්ඩතාවය
අපි අවංකකම, සත්‍යභාවය සහ අවංකභාවය නිතරම ආරක්ෂා කිරීමට කැපවී සිටිමු – තරමක අභියෝගාත්මක තත්ත්වයන් තුළද නිවැරදිව සහ නීතිගතව කටයුතු කරමු. අපි කියන දේ සිදු කිරීමෙන්, අපගේ හැසිරීම් අපගේ වචන වලට ගැලපීමෙන් සහ අපගේ ක්‍රියා මත වගකීම භාරගැනීමෙන් විශ්වාසය ලබා දෙනු ඇත.
නිර්මාණශීලීබව
අපි සාමාන්‍ය සීමා ඉක්මවා යාමට, පවතින තත්ත්වය අභියෝග කිරීමට සහ අපගේ සම්පත්දායකයින් සඳහා නව දර්ශන මනෝභාවයන් ගොඩනගා ගැනීමට ආශාවෙන් ඉදිරියට යමු. අපි සිතීමේදී නිර්මාණශීලීව සහ භාවිතයේදී දුරදර්ශීව කටයුතු කරමු – සියලුම සම්පත්දායකයින්ට අසමසම අගයක් ලබා දීම අපගේ අරමුණයි.
විශිෂ්ඨත්වය
අපි පොරොන්දුවූ දේ නිසි පරිදි ඉටු කිරීමටත්, අපේක්ෂාව ඉක්මවා යන අගයක් එකතු කිරීමටත් නිවැරදි මනෝභාවය ඇත. අපි කරන සෑම දේම නවෝත්පාදනයෙන්, දක්ෂතාවයෙන්, සම්පූර්ණකමෙන් සහ පළපුරුද්දෙන් විශිෂ්ඨත්වය ලබා ගනිමු.
අවංකභාවය
අපගේ ගනුදෙනුකරුවන් සහ සම්පත්දායකයින් සමඟ අවංකකම මත පදනම් වූ ඵලදායී, දිගුකාලීන සම්බන්ධතා ගොඩනගා ගැනීම පිළිබද අපි විශ්වාස කරමු. එකිනෙකා කෙරෙහි අපගේ අවංකභාවය, අපි එක්ව බිහිකරන අවංකභාවය තරමටම වටී
වගවීම
අපි කරන සෑම දෙයකම වගකීම ගන්නා, වගවීම භාරගන්නා සහ විනිවිදව කටයුතු කරන්නන් වෙමු. අපගේ ව්‍යාපාර ප්‍රතිපත්තිය සියළු පාර්ශව වලට බලපාන අපගේ ක්‍රියාවන් වෙනුවෙන් වගකීම භාරගන්නා ආකල්පය මතින් හැඩගැසේ.
විශ්වාසනීයත්වය
අපි අපගේ සියලුම සම්පත්දායකයින්ට විශ්වාසය තැබිය හැකි ලෙස සහ විශ්වාසවන්තව පවතී. අපගේ සියලු සේවාවන් පුරා අපගේ කාර්ය සාධන අඛණ්ඩතාවය පවත්වාගෙන යාම අපගේ අරමුණයි.