ප්‍රතිමූල්‍යකරණ පහසුකම්

NDB බැංකුව වසර 40 කට වැඩි කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමඟ කටයුතු කරමින් සිටින අතර, ජාත්‍යන්තර මූලාශ්‍රවලින් ලැබෙන ණය පහසුකම් ව්‍යාපාරයන් වෙත ලබාදෙන ප්‍රමුඛතම මූල්‍ය  ආයතනයක් ලෙස ක්‍රියා කරන අතර සෘජු සහ වක්‍ර  ව්‍යාපෘති 150,000 කට අධික සංඛ්‍යාවක් සඳහා මූල්‍යකරණ පහසුකම් ලබාදී ඇත.  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල ඇති සුවිශේෂී මූල්‍ය සහ බැංකුකරණ අවශ්‍යතා අප ඉතා හොඳින් හඳුනාගෙන ඇත්තෙමු.

 

ණය පහසුකමේ අරමුණ

  • ව්‍යාපාර පුළුල් කිරීම - වාණිජ ඉඩම් මිලදී ගැනීම / යන්ත්‍රෝපකරණ සහ උපකරණ / වෙනත් ස්ථාවර වත්කම්
  • වත්කම් ප්‍රතිස්ථාපනය - පවතින යන්ත්‍රෝපකරණ / උපකරණ / වෙනත් ස්ථාවර වත්කම් ප්‍රතිස්ථාපනය කිරීම
  • නැවත ගෙවීමේ කාලය - අවුරුදු 07 දක්වා
  • ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රම - ADB, e-friends II revolving, සව්භාග්‍යා, කප්රුක