භාණ්ඩාගාර නිෂ්පාදන

දක්ෂ කණ්ඩායමක් විසින් සපයනු ලබන භාණ්ඩාගාර නිෂ්පාදන සහ සේවාවන් රැසක් NDB විසින් පිරිනමනු ලැබේ.

ප්‍රධාන විශේෂාංග

  • විදේශ විනිමය ගනුදෙනු
    විදේශ විනිමය මිලදී ගැනීම සහ විකිණීම සඳහා තරගකාරී අනුපාත ලබා දේ, එසේම වෙළඳ ගනුදෙනු මූල්‍ය ගෙවීම සඳහා විදේශ මුදල් මූල්‍ය ණය ලබා ගැනීමේ පහසුකම් සැපයේ. ආනයනකරුවන් සහ අපනයනකරුවන් සඳහා විදේශ විනිමය අවදානම් ආවරණය කිරීමට ඉදිරි වෙළඳපොළේ විදේශ විනිමය මිලදී ගැනීම සහ විකිණීමේ පහසුකම් ද සපයයි.
  • සමාගම් තැන්පතු
    අධික මුදල් තැන්පත් කිරීමට සුදුසු සමාගම් සඳහා විවිධ තැන්පත් නිෂ්පාදන අප සපයයි. මෙය බැංකු Call Deposits සහ Term Deposits, රජයේ Treasury Bills සහ සමාගම් ණය පත්‍ර ඇතුළත් කරයි.
  • ඔබටම විශේෂ වූ භාණ්ඩාගාර විසඳුම්
    NDB වෙතින්  ඔබේ මූල්‍ය අවශ්‍යතා සඳහා විශේෂ  විසඳුම් සපයයි. මෙයට සමාගම් ණය උපකරණ (Commercial Papers / Floating Rate Notes) සංවිධානය සහ වෙළඳාම ඇතුළත් අතර, පොලී අනුපාත හුවමාරු (Interest Rate Swaps) සහ ඉදිරි පොලී අනුමැති ගිවිසුම් (Forward Rate Agreements) වැනි ශේෂ පත්‍ර අවදානම් කළමනාකරණ මෙවලම්ද ඇතුළත් වේ. මේවා මඟින් ඔබට තරගකාරී වෙළඳපොළේ ඉදිරියෙන් සිටීමට හැකියාව අත්වේ.
  • සමාගම් උපදේශන සේවා
    අපි ගනුදෙනුකරුවන්ට සම්පූර්ණ සමාගම් උපදේශන සේවා පරාසයක් ලබා දෙමු. මෙය මුදල් විනිමය හා පොලී අනුපාත චලනය පිළිබඳ උපදෙස් සහ අවදානම් ආවරණ තාක්ෂණය පිළිබඳ උපදෙස් ඇතුළත් වේ.