පාරිභෝගික පැමිණිලි ඉදිරිපත් කිරීමෙහි ක්‍රියාවලිය

අපගේ මූල්‍ය සේවාවන් හරහා සෑම විටම ඔබව තෘප්තිමත් කිරීමට අපි කැපවී සිටින්නෙමු.

පාරිභෝගික පැමිණිලි ඉදිරිපත් කිරීමේ සහ හැසිරවීමේ ක්‍රියාවලිය

අපගේ මූල්‍ය සේවාවන්, ඔබගේ අපේක්‍ෂාවන්ට අඛණ්ඩව අනුකූලවන පරිදි සෑම විටම සැපයීමටත්, ඒ තුලින් ඔබව තෘප්තිමත් කිරීමටත් අපි කැපවී සිටින්නෙමු.

ඔබගේ පැමිණිලි /ගැටලු, අදහස් සහ යෝජනා, අපගේ මූල්‍ය සේවාවන් ඔබගේ අපේක්ෂාවන් කොතරම් හොඳින් ඉටුකර ඇත්දැයි අවබෝධ කරගැනීමටත්, යම් දෝෂයක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීමටත් මෙන්ම ඔබගේ අවශ්‍යතාවයන් වලට සරිලන පරිදි අපගේ මූල්‍ය සේවාවන් අඛණ්ඩව වැඩිදියුණු කිරීමටත් උපකාරී වනු ඇත.

අපගේ මූල්‍ය සේවාවන් සම්බන්ධව ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන සියලුම පැමිණිලි ඉහළ ප්‍රමුඛතාවයකින් යුතුව සලකා බලනු ලබන අතර, එම පැමිණිලි සම්බන්ධව සාධාරණ, රහස්‍ය සහ විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරනු ලැබේ. විශේෂ අවශ්‍යතා ඇති ගනුදෙනුකරුවන් විසින් කරනු ලබන පැමිණිලි ද ඉහත අයුරින් අප විසින් කළමනාකරණය කරනු ලබයි.

අප වෙත ඉදිරිපත් කරනු ලබන පාරිභෝගික/ ගනුදෙනුකාර පැමිණිලි සම්බන්ධව අදාළ බැංකු ශාඛා කළමනාකරුවන් සහ සහකාර කළමනාකරුවන් මූලිකව ක්‍රියා කරනු ලබන අතර, හැකි සෑම අවස්ථාවකදීම ඔබ කැමති භාෂාවෙන් (සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි) ඔබ සමඟ සන්නිවේදනය කිරීමට අපි කටයුතු කරන්නෙමු.

ඔබගේ අදහස් හෝ පැමිණිලි අප වෙත යොමු කළ හැකි ආකාරයන්;  

පහත සඳහන් ඕනෑම මාර්ගයක් ඔස්සේ ඔබගේ අදහස් හෝ පැමිණිලි අප වෙත ඉදිරිපත් කළ හැකිය.

  • ඔබට ආසන්නතම NDB ශාඛාවට පැමිණීම හෝ දුරකථන මාර්ග හරහා ඔබගේ ශාඛා කළමනාකරු, සහකාර කළමනාකරු හෝ සබඳතා කළමනාකරු (Relationship Manager) හා සම්බන්ධ වීම මගින්
  • අපගේ 24 පැය පුරා ක්‍රියාත්මක පාරිභෝගික සම්බන්ධතා මධ්‍යස්ථානය (Contact Centre) +94 (0) 11 7448888 යන අංකය හරහා අමතීම මගින්.
  • අපගේ පාරිභෝගික සම්බන්ධතා විද්‍යුත් තැපැල් ලිපිනය වන 'contact@ndbbank.com' වෙත ඊමේල් (Email) පණිවිඩයක් යොමු කිරීම.
  • තැපැල් මාර්ගයෙන් ලිඛිතව පහත ලිපිනයට යොමු කිරීම:  පාරිභෝගික සබඳතා නිලදාරී, නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී, නො. 92, බර්නාඩ් සොයිසා මාවත, කොළඹ - 05.  
  • මෙම වෙබ් පිටුවෙහි ලබා දී ඇති මාර්ගගත (Online) පැමිණිලි පෝරමය භාවිතයෙන් පැමිණිල්ල ඉදිරිපත් කිරීම.

ඔබගේ පැමිණිල්ල වඩා කාර්යක්‍ෂමව විමර්ශනය කර විසඳා ගැනීමට අප හට හැකි වන පරිදි, ඔබගේ අනන්‍යතා තොරතුරු, සම්බන්ධතා තොරතුරු (Contact information) සහ පැමිණිල්ලට/ ගැටලුවට අදාළ නිවැරදි, සම්පූර්ණ හා යාවත්කාලීන තොරතුරු සෑම විටම අප වෙත ලබා දෙන මෙන් මින් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. මෙම තොරතුරු ඔබගේ පැමිණිල්ල නිවැරදිව ලේඛනගත කිරීමටත් මෙන්ම ඉක්මනින් විසදුම් ලබා දීමටත් පහසුවක් වනු ඇත. තවද, ඔබගේ පැමිණිල්ල ශ්‍රී ලංකා මහ බැංකුව හෝ මූල්‍ය ඔම්බුඩ්ස්මන්වරයා වැනි පැමිණිලි විසඳීමේ භාහිර අධිකාරීන් වෙත යොමු කරලීමට පෙර, එය අප බැංකුවේ ඍජු අවධානයට යොමු කර, අදාළ විමර්ශනයන් හරහා නිරාකරණය කර ගැනීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලිය

ඔබගේ පැමිණිල්ල ඉහත මාර්ගයන් ඔස්සේ අප වෙත ලැබුණු පසු, එය අප බැංකුවෙහි ක්‍රියාත්මක පැමිණිලි කළමණාකරණ පද්ධතිය (CSRM) තුල හඳුනාගැනීමේ යොමු අංකයක් සහිතව (Reference Number) සටහන් කර ගනු ලැබේ. අනතුරුව, එම පැමිණිල්ල වෙනුවෙන් අවශ්‍ය වන නියමිත ක්‍රියාමාර්ගයන් ගැනීම සඳහා අදාළ බැංකු ශාඛාව හෝ අංශයන් වෙත ඔබගේ පැමිණිල්ල යොමු කරනු ලැබේ.

ඔබගේ පැමිණිල්ල හෝ ගැටලුව ලැබුණු බව තහවුරු කරමින්, අදාළ පැමිණිලි යොමු අංකය (Complaint Reference Number) ඔබගේ ලියාපදිංචි විද්‍යුත් තැපැල් ලිපිනය හරහා ඔබ හට දැනුම් දෙනු ලැබේ.

ඔබගේ පැමිණිල්ලට අදාලව වැඩකරන දින පහක් (5) ඇතුළත ප්‍රතිචාර දැක්වීමට සහ විසඳුම් ලබා දීමට අප උපරිම උත්සාහ දරනු ඇත. කෙසේ වෙතත්, ඔබගේ පැමිණිල්ලේ ස්වභාවය හෝ සංකීර්ණත්වය මත අමතර කාලයක් අවශ්‍ය වන අවස්ථා වලදී, එහි ප්‍රගතිය පිළිබඳව සහ විසඳුම් ලබාදීමට අපේක්ෂිත කාලසීමාව පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප විසින් ක්‍රියා කරන්නෙමු.

ඔබගේ පැමිණිල්ල සම්බන්ධයෙන් ලබා දුන් අවසන් තීරණය/ විසදුම්, අපගේ ප්‍රතිචාරය හෝ පැමිණිල්ල කළමනාකරණය කළ ආකාරය පිළිබඳව ඔබ සම්පූර්ණයෙන් සෑහීමකට පත් නොවන්නේ නම්, පහත නියාමන අධිකාරීන් විසින් හඳුන්වා දී ඇති මූල්‍ය පාරිභෝගික පැමිණිලි/ ගැටලු විසඳීමේ විකල්ප යාන්ත්‍රණයන් සමඟ ඔබ හට වැඩිදුරටත් සම්බන්ධ විය හැක.

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව (CBSL - FCRD)

තැපැල් ලිපිනය: 

මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව,

ශ්‍රී ලංකා මහ බැංකුව,

නො. 30, ජනාධිපති මාවත, කොළඹ - 01.

විමසීම් සඳහා ක්‍ෂණික ඇමතුම් (Hotline): 1935

දුරකථන: +94 112 477 966

ෆැක්ස්: +94 112 477 744

විද්‍යුත් තැපෑල: fcrd@cbsl.lk

 

ශ්‍රී ලංකා මූල්‍ය ඔම්බුඩ්ස්මන් කාර්යාලය (Office of The Financial Ombudsman - SL)

කාර්යාල ලිපිනය:

මූල්‍ය ඔම්බුඩ්ස්මන්  

මූල්‍ය ඔම්බුඩ්ස්මන් කාර්යාලය,

නො. 01, බෙතෙස්දා පෙදෙස ,

මිලාගිරිය, කොළඹ 05.

කාර්යාල දුරකථන අංකය: +94 11 259 5624

ටෙලි/ෆැක්ස්: +94 11 259 5625

විද්‍යුත් තැපෑල: fosril@sltnet.lk

වෙබ් අඩවිය: www.financialombudsman.lk

                                             නව සංශෝධිත දිනය : 27.07.2026