අපගේ මූල්‍ය සේවාවන් හරහා සෑම විටම ඔබව තෘප්තිමත් කිරීමට අපි කැපවී සිටින්නෙමු.
අපගේ මූල්‍ය සේවාවන් සම්බන්ධව ඔබ විසින් කරනු ලබන පැමිණිලි, අදහස් සහ යෝජනා, අප විසින් ඔබගේ අපේක්ෂාවන් කොතරම් හොඳින් ඉටුකර ඇත්දැයි දැනුවත් වීමටත්, යම් දෝෂයක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීමටත් මෙන්ම ඔබගේ අවශ්‍යතාවයන් වලට සරිලන පරිදි අපගේ ඉදිරි මූල්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමටත් උපකාරී වනු ඇත.
ඒ අනුව ඔබගේ පැමිණිලි, අදහස් සහ යෝජනා පහත මාර්ගයන් ඔස්සේ අප බැංකුව වෙත ඉදිරිපත් කල හැක:
- ඔබගේ ගිණුම් පවත්වාගන යනු ලබන බැංකු ශාඛාවට පැමිණ හෝ දුරකථන මාර්ගය හරහා බැංකු ශාඛා කළමනාකරු හෝ ඔබගේ සම්බන්ධතා කළමනාකරු හා සමඟ සම්බන්ධ වීම මගින්
- අපගේ පැය 24 පුරා ක්‍රියාත්මක සම්බන්ධතා මධ්‍යස්ථාන අංක +94 (0) 11 7448888
- අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය හරහා contact@ndbbank.com
- ඔබගේ ලිපිය ලියාපදිංචි තැපැල් මාර්ගය ඔස්සේ පහත ලිපිනය වෙත යොමු කිරීම මගින් : කළමනාකරු - පාරිභෝගික සබඳතා අංශය, නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී., අංක 92, බර්නාඩ් සොයිසා මාවත, කොළඹ 05.
අප විසින් ඔබ වෙත ප්‍රතිචාර දක්වනු ලබන ආකාරය :
ඔබගේ පැමිණිල්ල, අප බැංකුව වෙත ඉහත මාර්ගයන් ඔස්සේ ලැබීමෙන් පසු එය අප බැංකුවෙහි ක්‍රියාත්මක පාරිභෝගික සේවා ඉල්ලීම් සහ පැමිණිලි කළමනාකරණ පද්ධතිය (CSRM) තුල හඳුනාගැනීමෙහි යොමු අංකයක් සහිතව සටහන් කර ගනු ලැබේ. අනතුරුව, කඩිනමින් ඔබගේ ගැටලුව විසඳීමට අප උත්සාහ කරන්නෙමු. ඔබගේ පැමිණිල්ලට අදාළ CSRM යොමු අංකය ඔබගේ ලියාපදිංචි විද්‍යුත් තැපැල් ලිපිනය වෙත අප විසින් එවනු ලබන අතර, වැඩ කරන දින 05ක් ඇතුළත ඔබ හට විසඳුමක් ලබා දීමට අප කැපවී ක්‍රියා කරන බව මින් දන්වා සිටීමට කැමැත්තෙමු.
ඔබගේ පැමිණිල්ලේ ස්වභාවය මත යම් හෙයකින් අප හට මෙම කාලරාමුව සපුරාලීමට නොහැකි වූ අවස්ථාවක, අප ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තු වන ඇස්තමේන්තුගත කාලය සමඟ ඔබව යාවත්කාලීන කරන්නෙමු. කෙසේ වෙතත්, අපගේ ප්‍රතිචාරය පිළිබඳව ඔබ සම්පූර්ණයෙන්ම සෑහීමකට පත් නොවන්නේ නම්, පහත නියාමන අධිකාරීන් විසින් හඳුන්වා දී ඇති පාරිභෝගික ගැටලු/ආරවුල් විසඳීමේ විකල්ප යාන්ත්‍රණයන් සමඟ ඔබ හට වැඩිදුරටත් සම්බන්ධ විය හැක.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව (CBSL - FCRD)
තැපැල් ලිපිනය: මූල්ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව,
අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01.
විමසීම් සඳහා ක්‍ෂණික ඇමතුම් අංකය: 1935
දුරකථන: +94 112477966
ෆැක්ස්: +94 112477744
විද්යුත් තැපෑල: fcrd@cbsl.lk
ශ්‍රී ලංකා මූල්‍ය ඔම්බුඩ්ස්මන් කාර්යාලය
කාර්යාල ලිපිනය: මූල්‍ය ඔම්බුඩ්ස්මන්,
ඔම්බුඩ්ස්මන් කාර්යාලය,
නො. 01, බෙතෙස්දා පෙදෙස , මිලාගිරිය, කොළඹ 05.
කාර්යාල දුරකථන අංකය: +94 11 259 5624
ටෙලි/ෆැක්ස්: +94 11 2595625
විද්යුත් තැපෑල: fosril@sltnet.lk
වෙබ් අඩවිය: www.financialombudsman.lk