තිරසාරත්වය

මෙහෙවර ප්‍රකාශය

පරිසර හිතකාමී, සමාජීය වශයෙන් සමානාත්මතාවයෙන් හා ආර්ථික වශයෙන් යහපත් ආකාරයකින් ව්‍යාපාරය පවත්වාගෙන යාම මඟින් අපි වගකිවයුතු ආයතනික පුරවැසියෙකු වීමට උත්සාහ කරමු.

ත්‍රිත්ව පාදක කාර්යසාධනය මගින් තිරසාර වටිනාකම් නිර්මාණය

බැංකුවේ තිරසාර සංවර්ධන ප්‍රතිපත්තිය, ආර්ථික, සමාජීය සහ පාරිසරික වගකීම් යන සන්ධිස්ථාන තුනම ඇසුරු කරගනිමින්, ත්‍රිත්ව පාදක කාර්යසාධනය මඟින් වටිනාකම් නිර්මාණය කිරීමේ NDB බැංකුවේ ප්‍රවේශය නිරූපණය කරයි. සියලු ක්‍රියාකාරී අංශ සහ ව්‍යාපාරික මාර්ග මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ප්‍රතිපත්තිය, තීරණ සහ මෙහෙයුම් සියල්ලේදී තිරසාරභාවය අන්තර්ගත කිරීමට බැංකුවේ ප්‍රතිඥාව ප්‍රදර්ශනය කරයි.

කාබන් විමෝචනය ශූණ්‍ය කිරීමේ ඉලක්කය වෙත ගමන් කිරීම

කාබන් ශූණ්‍ය කිරීමේ ඉලක්කය අත්කර ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග සැලැස්මක් සකස් කිරීමේ මුල් පියවරක් ලෙස, බැංකුව එහි හරිතාගාර වායු (GHG) නිකුතු ගණනය කොට සත්‍යාපනය කරන ලද්දේ ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස අරමුදල (Sri Lanka Climate Fund) හා සහයෝගීතාවයෙනි. ශ්‍රී ලංකාවේ දෘශ්‍යාභාධිත පුද්ගලයන්ට සහාය පිණිස ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා NDB බැංකුව ප්‍රධාන මූල්‍ය අනුග්‍රාහකයෙකු වෙයි.

අප සහය දක්වන UNSDGs

 

මූල්‍ය ප්‍රාග්ධනය

ඩිජිටල් ප්‍රාග්ධනය

නිෂ්පාදන ප්‍රාග්ධනය

මිනිස් ප්‍රාග්ධනය

බුද්ධිමය දේපල ප්‍රාග්ධනය

සමාජ සහ සබඳතා ප්‍රාග්ධනය

ස්වභාවික ප්‍රාග්ධනය