වෙළඳ මූල්‍ය විසඳුම් - ව්‍යාපාර බැංකුකරණය

NDB බැංකුවේ වෙළඳ මූල්‍ය දෙපාර්තමේන්තුව ISO 9001 2008 - ජාත්‍යන්තර ප්‍රමිති මූලික තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකපත් හිමිකරගෙන ඇත.

අපගේ ගනුදෙනුකරුවන් සඳහා අවශ්‍ය ව්‍යාපාර වර්ධනය සහ ප්‍රගතිය ලඟා කරගැනීම සහ වඩාත් ඩිජිටල්, සියළුදෙනා ඇතුලත් සහ අන්තර් සම්බන්ධිත ව්‍යාපාර පරිසරයක් වෙනුවෙන් සහාය දැක්වීම සඳහා NDB බැංකුව ව්‍යාපාර වලට පහසුකම් සපයයි.

වෙළඳ මූල්‍ය:

NDB වෙළඳ මූල්‍ය අපගේ සේවාදායකයින්ගේ අවශ්‍යතා සමඟ වර්ධනය වී ඇති අතර දේශීය හා ජාත්‍යන්තර වෙළඳ පරිසරයක සිට වඩාත් සංකීර්ණ සැපයුම් දාම ව්‍යුහයන් දක්වා පුළුල් පරාසයක මූල්‍යකරණයන් සඳහා උපාය මාර්ග ඉදිරිපත් කරයි.

වෙළඳ සේවා:

NDB බැංකුවේ වෙළඳ සේවා මඟින් ආනයනකරුවන් සහ අපනයනකරුවන් සඳහා සාම්ප්‍රදායික වෙළඳ ගනුදෙනු විධිමත් කිරීමට උපකාරී වේ. ඔබ විවෘත ගිණුමක් හරහා හෝ ලේඛනගත වෙළඳ විසඳුම් හරහා ප්‍රතිපාර්ශ්වයන් සමඟ ගනුදෙනු කළත්, ලොව පුරා  බැංකු සමඟ ඇති දිගුකාලීන සබඳතා උපයෝගී කරගනිමින් ඔබේ නිශ්චිත අවශ්‍යතා සපුරාලීමට, ව්‍යුහගත කිරීමට NDB බැංකුව සහාය වේ.

කාරක ප්‍රාග්ධන මූල්‍ය:

NDB කාරක ප්‍රාග්ධන මූල්‍ය, PCL ඉන්වොයිස් ඇපකර සහ යනාදිය වැනි ආරම්භයේ සිට අවසානය දක්වා සැපයුම් මූල්‍ය විසඳුම් හරහා ද්‍රවශීලතාවය පුළුල් කිරීමට උපකාරී වන අවස්ථා ගැනුම්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට ලබා දෙයි.

ඇපකර:

NDB ඇපකර, ලංසු බැඳුම්කර, උසස් ගෙවීම් ඇපකර, කාර්ය සාධන ඇපකර, රඳවා ගැනීමේ ඇපකර සහ යනාදිය ඇතුළත් සමස්ත ඇපකර පෙලම ගනුදෙනුකරුවන්ට ලබා දෙයි.

ප්‍රධාන විශේෂාංග

ආනයනයෙන් පසු සහ අපනයනයට පෙර අබාදෙන ණය පහසුකම්  ඔබේ ව්‍යාපාරය සඳහා අමුද්‍රව්‍ය යෙදවුම් සඳහා මුදල් සැපයීමට උපකාරී වන අතර, අපනයන බිල්පත් මිලදී ගැනීමේ පහසුකම් හරහා ඔබේ වෙළඳාමේ නැව්ගත කිරීමෙන් පසු අදියර සඳහාද අපි මුදල් සපයන්නෙමු.

NDB බැංකුව කාර්යක්ෂම හා පළපුරුදු කාර්ය මණ්ඩලයක් විසින් සපයනු ලබන පුළුල් පරාසයක වෙළඳ සේවා සපයයි. අපගේ සේවාවන් අතරට:

  • ණයවර ලිපි නිකුත් කිරීම/උපදෙස් දීම
  • එකතු කිරීමේ බිල්පත් සැකසීම
  • නැව්ගත කිරීමේ ඇපකර නිකුත් කිරීම
  • බැංකු ඇපකර නිකුත් කිරීම

 

NDB බැංකුව හා සම්බන්ධ විදේශීය බැංකු

සම්බන්ධිත බැංකුව මුදල් ඒකකය SWIFT ලිපිනය
MASHREQBANK PSC. - DUBAI AED BOMLAEAD
ABU DHABI COMMERCIAL BANK AED ADCBAEAA
AUSTRALIA NEW ZEALAND BANKING GROUP LTD - ANZ BANK AUD ANZBAU3M
NATIONAL AUSTRALIA BANK LTD AUD NATAAU33032
COMMERZ BANK AG - FRANKFURT CAD COBADEFF
ZUERCHER KANTONALBANK - ZURICH CHF ZKBKCHZZ80A
THE HONGKONG AND SHANGHAI BANKING CORPORATION LIMITED CNH HSBCHKHH
CHINA CONSTRUCTION BANK CORPORATION - SHANGHAI CNY PCBCCNBJ
DANSKE BANK - COPENHAGEN DKK DABADKKK
CITI BANK NA - LONDON EUR CITIGB2L
COMMERZ BANK AG - FRANKFURT EUR COBADEFF
UNICREDIT BANK AG (HYPOVEREINSBANK) - MUNICH EUR HYVEDEMM
CITI BANK NA - LONDON GBP CITIGB2L
STANDARD CHARTERED BANK HONG KONG HKD SCBLHKHHXXX
STANDARD CHARTERED BANK - TOKYO JPY SCBLJPJT
NORDEA BANK NORGE ASA - OSLO NOK NDEANOKK
BANK OF NEW ZEALAND - WELLINGTON NZD BKNZNZ22
RIYADH BANK SAR RIBLSARI
SKANDINAVISKA ENSKILDA BANKEN (SEB) - STOCKHOLM SEK ESSESESS
DBS BANK SGD DBSSSGSG
STANDARD CHARTERED BANK SINGAPORE SGD SCBLSGSG
UNITED OVERSEAS BANK (THAI) PUBLIC - BANGKOK THB UOVBTHBK
CITI BANK NA - NEW YORK USD CITIUS33
DEUTSCHE BANK TRUST CO AMERICAS - NEW YORK USD BKTRUS33
HABIB AMERICAN BANK - NEW YORK USD HANYUS33
HSBC - NEW YORK USD MRMDUS33
KOOKMIN BANK - SEOUL USD CZNBKRSE
HABIB METROPOLITAN BANK LTD - KARACHI ACUD MPBLPKKA
ICICI BANK - MUMBAI ACUD ICICINBB
STANDARD CHARTERED BANK - DHAKA ACUD SCBLBDD
STANDARD CHARTERED BANK - MUMBAI ACUD SCBLINBB