සෑම පියවරක්ම ජයග්‍රහණයක්!
ඔබේ ජීවිතයේ සෑම අවස්ථාවකම NDB Privilege Select ඔබ සමඟයි. ශ්‍රී ලාංකීය පුද්ගලික බැංකු සේවාවන් සඳහා නිර්මාණය කළ අද්විතීය මට්ටමේ සේවාවක් ලෙස, අපි ඔබේ වෘත්තීය අවශ්‍යතා සපුරාලමින්, ජීවන රටාවට ගැලපෙන පරිදි , ඔබේ මූල්‍ය ස්ථායිතාවය සහ ස්ථාවරභාවය තහවුරු කරන්නෙමු.
අද්විතීය ආයෝජන අවස්ථා, ධන කළමනාකරණ මෙවලම් සහ විශේෂිත උපදෙස් සමඟ අපි පුළුල් මූල්‍ය සේවා පරාසයක් ලබා දෙන්නෙමු . ඔබටම නියම කර ඇති පළපුරුදු සම්බන්ධතා කළමනාකරු මගින් ඔබේ අපේක්ෂාවන් සපුරාලන හොඳම මූල්‍ය විකල්ප ලබාදීමට කටයුතු කරයි. ඔවුන්ගේ අරමුණ ඔබේ මූල්‍ය ඉලක්ක ඉටු කිරීම සහ ඔබේ අරමුදල් උපරිම කාර්යක්ෂමතාවයට ක්‍රියාත්මක කිරීමයි.
Privilege Banking Centres තෝරාගත් ශාඛාවල තිබෙන අතර, විශේෂයෙන්ම නිර්මාණය කළ Privilege Banking ස්ථානය සමග, ප්‍රමුඛතාවය සහිත සේවා සහ ව්‍යාපාරික පහසුකම් සමඟ ඔබට ආරක්ෂිත හා ආකර්ෂණීය පරිසරයක් ලබාදෙයි.
ව්‍යුහගත නිෂ්පාදන
විදේශ මුදල් වලින් ද්විත්ව මුදල් තැන්පතු (DCD)
විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම් (SFIDA තැන්පතු)
දේශීය මුදල් වලින් වාණිජ පත්‍රිකාවක් වන Repo
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර
පාරිභෝගික සේවා
සම්බන්ධතා කළමනාකරු
උපදේශන සේවා
සඳහා පැය 24 පුරාම ප්‍රවේශය
බැංකු සේවා සහ සම්බන්ධතා කළමනාකරුවෙකු
තීරුබදු සියලුම බැංකු නිෂ්පාදන සහ සේවා සඳහා වරණීය තීරුබදු
ආයෝජන බැංකුකරණය
NDB බැංකුව, තම අනුබද්ධිත සමාගම වන NDB Investment Bank Limited (NDBIB).හරහා විකල්ප ආයෝජන අවස්ථා ඔබට ලබා දෙයි. පුද්ගලික කොටස් ස්ථානගත කිරීම්, ණය උපකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොළ නිෂ්පාදන මගින් ඔබේ ධන කළමනාකරණය වැඩිදියුණු කිරීමට අපි කැපවී සිටිමු.
ඔබේ සම්බන්ධතා කළමනාකරු , මෙම සේවාවන් පිළිබඳ සියලු විමසීම් සඳහා සහාය ලබා දීමට සහ නිරන්තරයෙන් නිරත වන ගනුදෙනුකරුවෙකු වීමේ ක්‍රියාවලිය මගින් අපි ඔබට මග පෙන්වයි
ආයෝජන නිෂ්පාදන
ප්‍රාග්ධන සහතික කළ නිෂ්පාදන
නිශ්චල දේපල ආයෝජන භාරය (REIT)
භාණ්ඩ (ETF)
යටිතල පහසුකම් අරමුදල්
ව්‍යවසාය ප්‍රාග්ධන
කොටස් වෙළඳාම
NDB කොටස් තැරැව්කරුවන් (පුද්ගලික) සමාගම (NDBS) යනු කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) ලියාපදිංචි බලපත්‍රලාභී කොටස් තැරැව්කරුවෙකු වන NDB බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධිත ආයතනයකි. මෙම සේවාව බැංකු සහ බැංකු නොවන ගනුදෙනුකරුවන් සඳහා වෙළඳපල ප්රවණතා සහ අවස්ථා පිළිබඳ කැපවූ උපදේශකයෙකු සමඟ පිරිනමනු ලැබේ. මීට අමතරව, ආන්තික වෙළඳාම, මාර්ගගත වෙළඳාම මෙන්ම ඒකක භාර නිෂ්පාදන ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන සඳහා ආයෝජන උපදෙස් ලබා දෙනු ලැබේ
වෙල්ත් මැනේජ්මන්ට්
NDB වෙල්ත් මැනේජ්මන්ට් යනු ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ වත්කම් කළමනාකරණ සමාගමයි. මෙම වේදිකාව පරිණත ආයෝජකයාට ආයෝජකයාගේ ධනය වර්ධනය වැඩි දියුණු කිරීම සඳහා නිෂ්පාදන රැසක් ලබා දෙයි. ධනය කළමනාකරණය සම්බන්ධ නිෂ්පාදන යනු සාම්ප්‍රදායික නොවන පොලී ඉපැයීම් සහිත ආයෝජන අවස්ථාවකි.
ඔබට වඩාත් ගැළපෙන අරමුදල් මට්ටම සහ වර්ගය ඔබේ සම්බන්ධතා නිලධාරියා සමඟ පුද්ගලික උපදේශනයක් මඟින් දැනගැනීමට හැකියාවක් ඇත
රක්ෂණය සහ ආරක්ෂාව
නව්‍ය ප්‍රතිපත්ති හරහා ධන ආරක්ෂාව ලබා දීම සඳහා NDB බැංකුව සහ AIA ශ්‍රී ලංකා ඒකාබද්ධ සහයෝගීතාවයක් ලෙස ශ්‍රී ලංකාව තුළ බැංකු රක්ෂණ විසඳුම් හඳුන්වා දීමේ පුරෝගාමී වී ඇත. මෙමඟින් AIA රක්ෂණ සමාගම අරමුදල් රක්ෂණ විසඳුම් සඳහා වන හොඳම තේරීම බවට පත්වී ඇත. විශාලතම, ස්වාධීන, සුප්‍රසිද්ධ ලැයිස්තුගත කර ඇති පෑන්-ඒෂියා ජීවිත රක්ෂණ සමූහය ලෙස AIA තෝරා ගන්නා ලදී. ඔවුන්ගේ විශ්වසනීයත්වයට අමතරව, ලොව පුරා වෙළඳපල ප්‍රාග්ධනීකරණය අනුව ප්‍රමුඛතම ලැයිස්තුගත රක්ෂණකරුවන්ගෙන් එකක් ලෙස AIA හැඳින්විය හැක.
Aviva සිංගප්පූරු සහ ස්විස් ලයිෆ් සිංගප්පූරු හරහා ගෝලීය වශයෙන් සෞඛ්‍ය රක්ෂණය පිරිනැමීම සඳහා සේනාරත්න ඇසෝසියේට්ස් සමඟ හවුල් වීමට ලැබීම ගැන NDB බැංකුව ආඩම්බර වේ. මෙම ගෝලීය සෞඛ්‍ය රක්ෂණ සේවාවන් නිදන්ගත රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ සිට ගැබ් ගැනීම සහ මාතෘත්වය දක්වා පරිපූර්ණ වෛද්‍ය ප්‍රතිකාර ආවරණය කරයි. මෙම රක්ෂණකරුවන් රක්ෂණකරුගේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි දේශීය හා ගෝලීය වශයෙන් හොඳම ආවරණයන් ලබා දෙයි.
අන්‍යෝන්‍ය අරමුදල් - ධන කළමනාකරණ සේවා
ගිල්ට් එජ් අරමුදල (Gilt Edge Fund)
Bancassurance Products
ආදායම් සහ වර්ධන අරමුදල (Income & Growth Fund)
ආදායම් අරමුදල(Income Fund)
රක්ෂණ (Insurance)
වර්ධන අරමුදල (Growth Fund)
විනෝදාස්වාදය සපිරි දිවියක්
NDB Privilege Select ඔබට අද්විතීය හා සුවිශේෂී ලෙස විනෝදාස්වාදය සඳහා අවස්ථාව උදාකරලමින් ඔබගේ මූල්‍යමය තත්වයට සහ ජීවන රටාවට අමතර වටිනාකමක් එක් කරයි. වරප්‍රසාද ලත් පවුල් වල ජීවන රටාවේ කොටසක් වන අහාරපාන, රංගනය, සංගීතය හෝ විශේෂ උත්සව සඳහා වන ප්රතිලාභ අත්විඳීම, මූල්‍ය සුරක්ෂිතතාවයේ කොටසකි. අපගේ කණ්ඩායම ස්ථර කිහිපයකින් සැදුම්ලත් Privilege බැංකු ගනුදෙනුකරුවන් උනන්දුවක් දක්වන සමාජ ක්‍රියාකාරකම් වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිට්යි.
ලොව පුරා මූල්‍ය ප්‍රවේශ හැකියාව
NDB Privilege Select සාමාජිකයෙකු ලෙස, ඔබේ Visa ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් ඔබේ මූල්‍ය ජීවන රටාව කළමනාකරණය කිරීමට උපකාරී වේ. එය දේශීයව සහ විදේශීය වශයෙන් ද සියලුම ගනුදෙනු සඳහා ATM පහසුකම් ලබා ගැනීමේ හැකියාව පවතී. මීට අමතරව, තෝරාගත් හෝටල්වල ක්‍රෙඩිට් කාඩ්පත් පහසුකම් සඳහා විශේෂ දීමනා සහ සංචාරක වරප්‍රසාද නිරන්තරයෙන් හිමිවනු ඇත.
වියදම් සීමාවන් පිළිබඳ මනා දැනුමක් ඇතිව ආරක්ෂිතව සහ සාමකාමී මානසිකත්වයක් ලබා දෙන අතර තම විදේශ වියදම් සඳහා අවශ්‍ය සීමාවන් නියම කිරීමට කැමති අය සඳහා Visa traveler’s කාඩ්පත ලබා ගත හැක.
වත්කම් නිෂ්පාදන / ණය පහසුකම්
නිවාස ණය
වාහන ලීසිං, ණය සහ වාරික වශයෙන් ආපසු ගෙවීමේ පදනම මත මිලදී ගැනීම් (Hire Purchase)
NDB Wealth අරමුදල් මත විශේෂ මූල්‍ය පහසුකම්
දේශීය සහ විදේශීය මුදල් වල මූල්‍ය වගකීම් නිෂ්පාදන
දේශීය සහ විදේශීය මුදල් — ඉතුරුම් ගිණුම්, ජංගම ගිණුම් සහ ස්ථාවර තැන්පතු
සම්බන්ධතා කළමනාකරු
රහස්‍යභාවය සහ කාර්යක්ෂමතාවය සහතික කිරීම සඳහා සෑම NDB Privilege Banking ගනුදෙනුකරුවෙකු සඳහාම කැපවූ සම්බන්ධතා කළමනාකරුවෙකු පත් කෙරේ.
මෙම පුද්ගලික සම්බන්ධතාවය හරහා සෑම ගනුදෙනුකරුවෙකු සමඟම විශ්වාසදායක සම්බන්ධතාවයක් ඇති කරගැනීමට සහාය වන අතර ගනුදෙනුකරුවන්ගේ තීරනාත්මක/ සංවේදී මූල්‍ය අවශ්‍යතා සමඟ කටයුතු කිරීමේදී ඵලදායී ලෙස ලබා දෙමින් ඔබේ බැංකුකරණ අවශ්‍යතාවය පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි සැලසීමට උපකාරී වේ. මෙමඟින් NDB බැංකුව ඔබගේ මූල්‍ය සහකරු ලෙස අන්‍යෝන්‍ය විශ්වාසය සහ අවබෝධය සහතික කරයි