ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ආකර්ෂණීය පොලී අනුපාතයක් සහිත විශේෂ ස්ථාවර තැන්පතු ගිණුම
නිෂ්පාදන සමාලෝචනය
ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා 2025 විශේෂ තැන්පත් යෝජනාව අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින්ට වැඩි පොලී සහ මූල්‍ය ආරක්ෂාව ලබාදීම සඳහා සකස් කර ඇත. සීමිත කාලයක් සඳහා ක්‍රියාත්මක වන මෙම යෝජනාව ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ අවශ්‍යතා සඳහා ගැලපෙන ආකර්ෂණීය පොලී අනුපාත ලබාදේ.
අයදුම් කිරීමට සුදුසුකම්
- තැන්පතු විවෘත කරන දිනයේ සිට අවුරුදු 60ක් හෝ ඊට වැඩි විය යුතු ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුය
- තහවුරු කිරිම සදහා ජාතික හැඳුනුම්පත (NIC) අනිවාර්ය වේ
- මෙම යෝජනාව සඳහා සුදුසුකම් ලැබීමට තැන්පත්කරු තම මාසික ආදායම රු. 150,000 ට වඩා අඩු බව ප්‍රකාශ කළ යුතුය
යෝජනාවේ කාලසීමාව
2025 ජූලි 01 සිට 2025 දෙසැම්බර් 31 දක්වා
තැන්පත් වර්ගය සහ කාලය
මාස 12 තැන්පතු – පොලී මාසිකව ගෙවයි (පොලී මාසිකව ඉවත් කළ යුතු අතර, ස්වයංක්‍රීය අලුත් කිරීමට ඉඩ නොදේ)
පොලී අනුපාතය
සාමාන්‍ය තැන්පතු සාපේක්ෂ සාධාරණ පොලී අනුපාතය (AWFDR) + වාර්ෂික 3% හෝ බැංකුවේ නියමිත පොලී අනුපාතය + 3%, මේ අතර වැඩිම අනුපාතය.
එක් පුද්ගලයකුට උපරිම තැන්පතු මුදල
සියලුම සහභාගිත්ව බැංකු තුල එක තැන්පත්කරුවෙකුට උපරිම තැන්පතු මුදල රු. 1,000,000 (මුළු තැන්පත් වටිනාකම).
ඒකාබද්ද තැන්පතු
දෙදෙනාම ජ්‍යේෂ්ඨ පුරවැසියන් වන අවස්ථාවක ප්‍රාථමික තැන්පත්කරුට උපරිම රු. 1,000,000 දක්වා තැන්පතු මුදලක් සඳහා ඉඩ දෙනු ලැබේ
කල් පිරීමට පෙර මුදල් ප්‍රතිලාභ
අනුමත වේ. මෙම යෝජනාවට දඩ මුදල් පොලී අය නොකරන අතර, තැන්පතුව රඳවා ගත් කාලය සඳහා එකඟ වූ පොලී අනුපාතය මත බැංකුව පොලී ගෙවනු ඇත.