ජයගමු ශ්‍රී ලංකා

ජයගමු ශ්‍රී ලංකා’ යනු Covid 19 වසංගතයේ බලපෑම් සහ ගෝලීය වෙළඳ හා සැපයුම් භාවිතයන්හි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ බලපෑමෙන් දැඩි ලෙස අභියෝගවලට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SME), නැගී එන අපනයනකරුවන්,  ව්‍යවසායකයින් සහ උද්යෝගිමත් නවෝත්පාදකයින්ට සහාය ලබා දීම අරමුණු කරගත් වේදිකාවකි. එය දියත් කළ දා පටන්, තම ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා සහාය අවශ්‍ය බලපෑමට ලක් වූ පාර්ශව අතර ප්‍රචලිත වේදිකාවක් බවට මෙම වැඩසටහන පරිණාමය වී ඇත. මේ සඳහා, NDB බැංකුව, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), Code 360, Maersk (Pvt) Ltd, Codevus (Pvt) Limited (ERP සේවා සපයන්නා), Thinkcube Solutions (Pvt) Ltd (ERP සේවා සපයන්නා) වැනි හවුල්කාර සංවිධාන කිහිපයක් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇති අතර, වසංගත සමයේදී මෙන්ම පශ්චාත් Covid සමයෙන් පසුව නැවත නැගී සිටින අවධියේදී රටේ අපනයනකරුවන්ට සහ නවෝත්පාදකයින්ට තිරසාර ව්‍යාපාර ගොඩනැගීමට හැකි වන පරිදි මූල්‍ය හා මූල්‍ය නොවන සේවාවන් යන දෙඅංශයෙන්ම අත්‍යවශ්‍ය සහාය සහ මග පෙන්වීම සැපයීම සඳහා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ආයතනය (USAID) විසින් සංවර්ධනය කරන ලද SL@100 මුලපිරීමේ කොටසක් වේ.

ජයගමු ශ්‍රී ලංකා - අපනයනකරුවන් සඳහා පහසුකම් සැපයීම

අපනයන ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර එය ආර්ථික වර්ධන මට්ටම, රැකියා උත්පාදනය සහ ගෙවුම් ශේෂයට සැළකිය යුතු බලපෑමක් ඇති කරයි. අපනයන වෙළඳපොළට පිවිසීමට හෝ පවතින අපනයන වෙළඳපොළ පුළුල් කිරීමට සැලසුම් කරන ව්‍යවසායකයින්ට මෙම කාණ්ඩය යටතේ අයදුම් කළ හැකිය.

 

ජයගමු ශ්‍රී ලංකා - නවෝත්පාදකයන් සඳහා පහසුකම් සැපයීම

කොවිඩ් වසංගතයෙන් පසු අප විවිධ ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය නැවත සොයා බැලීමේදී ඒ සඳහා නැවුම් චින්තනයක් අවශ්‍ය බව වැටහී යනු ඇත. එබැවින් නව නවෝත්පාදනයන් වල අවශ්‍යතාවය සපුරාලීමට සහ පිරිවැය-ඵලදායී නිෂ්පාදනය/බෙදා හැරීම, ආර්ථික ක්‍රියාකාරකම් පුනර්ජීවනය කිරීමට සහ ආරම්භ කිරීමට වෙළඳපල පුළුල් කිරීම සඳහා අවස්ථා නිර්මාණය කිරීමට මෙන්ම රැකියා අවස්ථා ලබා දීමටද සිදුවනු ඇත.

 

නව නවෝත්පාදන දියත් කිරීමට සැලසුම් කරන ව්‍යවසායකයින්ට මෙම කාණ්ඩය යටතේ අයදුම් කළ හැකිය.

වෙළඳ මූල්‍යකරණය

ඔබේ ව්‍යාපාරය සඳහා වෙලඳ මූල්‍යකරණ සේවා රැසක්

  • අපනයන - අපනයන LC උපදේශන සේවා / අපනයන බිල්පත් සාකච්ඡා / එකතු කිරීම් / PCL සහ බිල්පත් වට්ටම්
  • ආනයන - ණයවර ලිපි / වාර්තාමය එකතු කිරීම් / ආනයන මූල්‍යකරණය / නැව්ගත කිරීමේ ඇපකර
  • බැංකු ඇපකර