ජයගමු ශ්‍රී ලංකා

‘ජයගමු ශ්‍රී ලංකා’ යනු ශ්‍රී ලංකාවේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර (SMEs), නව අපනයනකරුවන්, උත්සහවන්ත ව්‍යාපාරිකයින් සහ නවෝත්පාදකයින් සඳහා ආධාර ලබාදීමේ  වැඩසටහනකි. 

ගෝලීය රෝග වසංගත සහ එයින් ඇති වූ ගෝලීය වෙළඳාම හා ප්‍රවාහන සහ සැපයුම් සහාය ක්‍රියාමාර්ගවල බලපෑම් නිසා දැඩි ගැටළු වලට මුහුණ දුන් ව්‍යාපාර යලි ගොඩනැංවීම සඳහා මෙම වැඩසටහන ආරම්භ කරන ලදී. මෙයට, NDB බැංකුව විසින් අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), Cord 360, Maersk (Pvt) Ltd, Codevus (Pvt) Limited (ERP සේවා සැපයුම්කරු), Thinkcube Solutions (Pvt) Ltd (ERP සේවා සැපයුම්කරු) යන ආයතන සමඟ සම්බන්ධ වන ලදී. තවද USAID මගින් සකස් කරන ලද SL@100 හි කොටස්කරුවෙක් ලෙස මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වී, වසංගත කාලයේද, කොවිඩ් පසු සජීවිකරණ අදියරේද රටේ අපනයනකරුවන් හා නවෝත්පාදකයන්ට මූල්‍ය සහ මූල්‍ය නොවන ආධාර හා මගපෙන්වීම ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. එමගින් ඔවුන්ට තිරසාර ව්‍යාපාර ගොඩනගා ගැනීමට හැකි වේ.

ජයගමු ශ්‍රී ලංකා අපනයන පහසුකම්

අපනයන ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අතිශන්ම  වැදගත් වේ. එය ආර්ථික වර්ධනය, රැකියා අවස්ථා සහ ගෙවීම් සමතුලිතයට  බලපෑම් කරයි. නව අපනයන වෙළඳපොළ වෙත පිවිසීමට හෝ දැනට පවතින අපනයන වෙළඳපොළ පුළුල් කිරීමේ අරමුණක් ඇති  ව්‍යාපාරිකයින් හට අයදුම් කළ හැක.

ජයගමු ශ්‍රී ලංකා නවෝත්පාදන පහසුකම්

කොවිඩ් වසංගතයෙන්  පසුව ආර්ථිකය යලි ගොඩ නැංවීම සඳහා නිර්මාණශීලි නව අදහස් අවශ්‍ය වේ. ඒ අනුව නව නවෝත්පාදනවලින් පිරිවැය-ඵලදායී නිෂ්පාදන/බෙදාහැරීමේ ක්‍රම, වෙළඳපොළ පුළුල් කිරීම, ආර්ථික කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අවස්ථා සපුරාලිය යුතුය. එමගින් රැකියා අවස්ථා රැසක්ද උදාකරදෙයි. 

නව නවෝත්පාදන ආරම්භ කිරීමට සැලසුම් කරන ව්‍යාපාරිකයින් මෙම කාණ්ඩය යටතේ අයදුම් කළ හැක.

ව්‍යාපාර මූල්‍යකරණය

ඔබගේ ව්‍යාපාර සඳහා සම්පූර්ණ වෙළඳ නිෂ්පාදන සහ සේවා සම්යුක්තය

  • අපනයන - Export LC Advising / Export Bill Negotiation / Collections / PCL & Bill Discounting
  • ආනයන - Letters of Credit / Documentary Collections / Import Financing / Shipping Guarantees
  • බැංකු ඇප සහතික