අධ්‍යක්ෂක මණ්ඩලය

Sriyan Cooray

ශ්‍රියාන් කුරේ

සභාපති, අධ්‍යක්ෂ (Independent)

ශ්‍රියාන් කුරේ මහතා 2018 අගෝස්තු මාසයේ සිට NDB බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු වන අතර ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකි. ඔහු දැනට අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ද වේ.

HSBC බැංකුවේ වසර 28 ක පළපුරුද්දක් ඇති බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන කුරේ මහතා, HSBC බැංකුවේ මූල්‍ය, මෙහෙයුම්, අනුකූලතා, පරිපාලන සහ පෞද්ගලික බැංකුකරණය වැනි පුළුල් පරාසයක සේවය කර ඇති අතර 2018 වසරේ මැයි මාසයේදී HSBC බැංකුව ශ්‍රී ලංකාව සහ මාලදිවයින හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස විශ්‍රාම ගොස් ඇති අතර, ඔහු 2007 වසරේ සිට එම තනතුර හෙබවීය. HSBC බැංකුවේ සිටියදී, කුරේ මහතා එහි විධායක කමිටුවේ වසර 25 ක් සේවය කර ඇත. HSBC බැංකුවේ අර්ථසාධක සහ විශ්‍රාම වැටුප් අරමුදලේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද, 2015/2016 වසරවලදී බැංකු තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපතිත්වය ද දරා ඇත. වත්කම් සහ වගකීම් කමිටුව, මානව සම්පත් ප්‍රතිපත්ති සමාලෝචන කමිටුව සහ HSBC බැංකුවේ තොරතුරු තාක්ෂණ මෙහෙයුම් කමිටුව ඇතුළු HSBC බැංකුවේ අභ්‍යන්තර කමිටු රැසකට සිය සේවාව ලබාදී ඇත. තවද ඔහු HSBC බැංකුවේ කළමනාකරණ කමිටුවේ සභාපතිවරයා ද වූ අතර එය බැංකුවේ දෙවන පෙළ කළමනාකරණයෙන් සමන්විත විය. HSBC බැංකුවේ ඔහුගේ වසර 15ක සේවා කාලය තුළ බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස අවස්ථා ගණනාවකදී කටයුතු කළේය. HSBC බැංකුව හා සම්බන්ධ වීමට පෙර, කුරේ මහතා 1987-1990 දක්වා Speville M & W Ltd සමාගමේ මූල්‍ය පාලක තනතුරේද කටයුතු කර ඇති අතර ඊට පෙර ඔහු KPMG Ford Rhodes Thornton & Company වරලත් ගනකාධිකරණ ආයතනය සමඟ සම්බන්ධ වී ඇත.

කුරේ මහතා CIMA ආයතනයේ සාමාජිකයෙකු  වන අතර HSBC සමූහය විසින් පිරිනමණු ලබන පුළුල් විධායක සංවර්ධන වැඩසටහන් වලින් විශේෂඥ දැනුමක් ද හිමිකරගෙන ඇත.

ඔහු දැනට ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි.

2

කැලුම් එදිරිසිංහ

අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී (Non-Independent)

HSBC බැංකුව ශ්‍රී ලංකා සහ මාලදිවයින සමඟ වසර 30 ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව කැලුම් එදිරිසිංහ මහතා 2024 වසරේ ජනවාරි මාසයේදී NDB බැංකුවට සම්බන්ධ විය. HSBC බැංකුවේ සේවා කාලය තුල ඔහු ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු කිහිපයක් හෙබවූ අතර අවසන් වරට HSBC බැංකුව ශ්‍රී ලංකා සහ මාලදිවයින හි ප්‍රධාන අවදානම් නිලධාරී තනතුර හෙබවූ අතර එහිදී ඔහු අවදානම් කමිටුවේ සභාපතිවරයා ලෙසද සේවය කළේය. HSBC බැංකුවේ ඔහුගේ බැංකු අත්දැකීම් අතර ව්‍යවසායකත්ව අවදානම් කළමනාකරණය, වාණිජ බැංකුකරණය, අරමුදල් කළමනාකරණය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මූල්‍ය විශ්ලේෂණය සහ ශාඛා බැංකුකරණය යන අංශවල විවිධ නායකත්ව භූමිකාවන් ආවරණය කරන ලදී.

එදිරිසිංහ මහතා වරලත් බැංකුකරුවන්ගේ ආයතනය සමඟ එක්ව Manchester විශ්ව විද්‍යාලයෙන් BSc උපාධියක් සහ ඕස්ට්‍රේලියාවේ Edith Cowan විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියක් ද ලබා ඇත. ඔහු වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයෙන් මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් භාණ්ඩාගාර සහ විදේශ විනිම මෙහෙයුම් පිළිබඳ සහතිකයක් ද ලබා ඇත. එදිරිසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානයේ පීඨ උපදේශක කමිටුවේ සාමාජිකයෙකි.

එදිරිසිංහ මහතා, බැංකුවට අනුබද්ධිත සමාගම් වන Development Holdings (Private) Limited සමාගමේ සභාපති ධූරය සහ NDB Capital Holdings Limited සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස සමගාමී පත්වීම් දරයි. ඔහු Sri Lanka Banks’ Association (Guarantee) Limitedහි අධ්‍යක්ෂවරයෙකු ලෙසද සේවය කරයි.

Bernard Sinniah

බර්නාඩ් සින්නයියා

අධ්‍යක්ෂ (Non-Independent)

බර්නාඩ් සින්නයියා මහතා 2019 මාර්තු මාසයේ සිට NDB බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු වන අතර ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකි.

ඔහු Citi බැංකුවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ එම බැංකුවේ FX Corporate Sales and e-FX Solutions අංශයේ ප්‍රධානියා ලෙසද සේවය කළේය. කොළඹ Citi බැංකුවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ සින්නයියා මහතා, පසුව ඕස්ට්‍රේලියාවේ Citi බැංකුවේ සේවය කර  ඉන් අනතුරුව ලන්ඩන් හි Citi බැංකුවේ සේවය කර විශ්‍රාම යන ලදී. 2018 වසරේදී සිය වෘත්තීය ගමන් මඟ ආරම්භ කල ඔහු විශ්‍රාම ගියේ වසර 38ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුවය.

සින්නයියා මහතා ඕස්ට්‍රේලියාවේ Macquarie විශ්ව විද්‍යාලයෙන් ව්‍යවහාරික මූල්‍ය පිළිබඳ Master උපාධියක් හිමිකරගෙන ඇත.

බර්නාඩ් සින්නයියා මහතා NDB Capital Holdings Limited හි සභාපතිවරයා වන අතර NDB Securities (Private) Limited, NDB Wealth Management Limited, NDB Investment Bank Limited, NDB Capital Limited (Bangladesh)  සහ NDB Zephyr Partners Lanka (Private) Limited වැනි බැංකුවේ අනෙකුත් අනුබද්ධිත සමාගම් කිහිපයක අධ්‍යක්ෂවරයෙකු ලෙසද සේවය කරයි.

Sujeewa Mudalige

සුජීව මුදලිගේ

අධ්‍යක්ෂ (Independent)

සුජීව මුදලිගේ මහතා 2020 වසරේ ජනවාරි මස සිට NDB බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු වන අතර ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකි.

මුදලිගේ මහතා රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකෙහිම විගණන කමිටු සභාපතිවරයෙකු ලෙස පුළුල් අත්දැකීම් රාශියක් ලබා ඇත. මුදලිගේ මහතා 2012 වසරේ සිට 2019 වසර දක්වා HNB බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු වූ අතර HNB බැංකුව සමඟ ඔහුගේ සේවා කාලය තුළ එහි අධ්‍යක්ෂ මණ්ඩල උපකමිටු කිහිපයක සභාපතිවරයෙකු සහ සාමාජිකයෙකු විය. ඔහු 2023 වසරේ සිට 2024 වසර දක්වා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කොමිෂන් සභා සාමාජිකයෙකු ලෙසද සේවය කළ අතර ඔහුගේ වෘත්තීය කාලය තුළ දේශීය හා අන්තර්ජාතික වශයෙන් තනතුරු කිහිපයක් දැරීය.

මුදලිගේ මහතා වරලත් ගණකාධිකාරීවරයෙකු ලෙස වසර 30 කට වැඩි පළපුරුද්දක් හිමිකරගෙන ඇත. ඔහු FCA (ICA - SL), FCMA (CIMA – UK), FCCA (ACCA – UK) සහ FCPA (CPA – Australia) සහතිකලත් අයෙක්වේ. ඔහු ශ්‍රී ලංකා වරලත් ගනකාධීකාරීවරුන්ගේ ආයතනයේ (ICASL ) හිටපු සභාපතිවරයෙකු ද වන අතර ICASL  කවුන්සිලයේ සහ CIMA UK හි ශ්‍රී ලංකා අංශයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ද වේ.

මුදලිගේ මහතා ලැයිස්තුගත සහ ලැයිස්තුගත නොකළ සමාගම් කිහිපයක මෙන්ම අනෙකුත් සංවිධානවල අධ්‍යක්ෂ ධුර, සභාපතිත්ව සහ වෙනත් තනතුරු හොබවයි.

Kushan D’Alwis,PC

කුෂාන් ද අල්විස්

අධ්‍යක්ෂ (Independent)

කුෂාන් ද අල්විස් මහතා 2020 වසරේ ජූලි මාසයේ සිට NDB බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු වන අතර ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකි.

නීතිඥවරයෙකු ලෙස වසර 34 කට අධික පළපුරුද්දක් සහිත ශ්‍රී ලංකාවේ ජනාධිපති නීතිඥවරයෙකු වන ඩී අල්විස් මහතා ශ්‍රී ලංකාව තුළ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, සිවිල් අභියාචනා මහාධිකරණය, වාණිජ මහාධිකරණය සහ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් අධිකරණ ඉදිරියේ සිවිල්, ආයතනික, වාණිජ සහ පරිපාලන නීතිය යන ක්ෂේත්‍රවල පුළුල් පරිචයක් හිමිකරගෙන ඇත. බේරුම්කරණය, ආයතනික නීතිමය කරුණු සම්බන්ධයෙන් උපදෙස් දීම, නියාමන රාමු, අනුකූලතා අවශ්‍යතා සහ නීතිමය විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණ පිළිබඳ අත්දැකීම් ද ඔහුට ඇත. අල්විස් මහතා ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සාමාජිකයෙකු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජන කමිටුවේ සාමාජිකයෙකු, බදු අභියාචනා කොමිසමේ නීති උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු, මුදල් හා සැලසුම් අමාත්‍යාංශයේ ජාතික ආර්ථික සංවර්ධන කවුන්සිලයේ (NCED) සාමාජිකයෙකු, කුලී සමාලෝචන මණ්ඩලයේ උප සභාපතිවරයෙකු, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුවේ සාමාජිකයෙකු, ශ්‍රී ලංකා ව්‍යාපාර ප්‍රතිසාධන සහ බංකොලොත්භාවය පිළිබඳ වෘත්තිකයන්ගේ සංගමයේ (BRIPASL) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයෙකු, කොළඹ නීති සංගමයේ උප සභාපතිවරයෙකු සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උප සභාපතිවරයෙකු ලෙස සේවය කර ඇත.

කුෂාන් ද අල්විස් මහතා දැනට Ceylon Tobacco Company PLC සමාගම සහ Vurthiya Lanka (Pvt) Ltd සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද සේවය කරයි.

Kasturi Chellaraja

කස්තුරි චෙල්ලරාජා

අධ්‍යක්ෂ (Independent)

කස්තුරි චෙල්ලරාජා මහත්මිය 2022 වසරේ ඔක්තෝබර් මාසයේ සිට NDB බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු වන අතර ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරියකි.

චෙල්ලරාජා මහත්මිය 1988 වසරේදී පුහුණු විගණකවරියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. ඇය 2002 වසරේදී Hemas ආයතනය සමඟ සම්බන්ධ වූ අතර එහිදී ඇය ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු රාශියක් හෙබවූ අතර 2020 වසරේ සිට 2024 වසර දක්වා සමූහ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සේවය කළ අතර, ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක පළමු කාන්තා ප්‍රධාන විධායක නිලධාරිනිය බවට පත්විය. ඇය සෞඛ්‍ය සේවා සහ පාරිභෝගික අංශ ඇතුළු Hemas අනුබද්ධිත  තවත් ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩලවල ද සේවය කර ඇත. ඇය ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ හිටපු සභාපතිනිය වූ අතර 2022 වසරේ මාර්තු දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා කවුන්සිලයේ කවුන්සිල සාමාජිකාවක් ලෙස ද සේවය කර ඇති අතර SLIDආයතනයේ (Sri Lanka Institute of Directors), CIMA Sri Lanka සහ Lankan Angels Network (LAN) ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස සේවය කර ඇත. 2019 වසරේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ඇයව රටේ ඉහළම බලපෑම් ඇති කළ කාන්තාවන් දොළොස් දෙනාගෙන් කෙනෙකු ලෙස පිළිගනු ලැබූ අතර 2022 වසරේදී කුසලතා හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ‘දක්ෂතම කාන්තාවන්’ ලෙස බලපෑම් කළ හැකි නායිකාවන් දස දෙනාගෙන් කෙනෙකු ලෙසද ඇය ඇගයීමට ලක් විය. තවද චෙල්ලරාජා මහත්මිය ජාතික දැල්පන්දු සහ පැසිපන්දු කණ්ඩායම්වල සාමාජිකාවක් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.

චෙල්ලරාජා මහත්මිය CIMA ආයතනයේ සාමාජිකාවක් වන අතර Harvard Business School හි ජ්‍යෙෂ්ඨ විධායක නායකත්ව වැඩසටහනේ ආදි ශිෂ්‍යාවකි.

චෙල්ලරාජා මහත්මිය දැනට 5 hour international Corporation හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය (APAC කලාපයේ ප්‍රධානියා) වන අතර ඇය Capital Alliance Limited සහ Senkadagala Finance PLC හි අධ්‍යක්ෂ මණ්ඩලවල විධායක නොවන අධ්‍යක්ෂවරියක් ද ලෙස සේවය කරයි. චෙල්ලරාජා මහත්මිය කර්මාන්ත සංගම් කිහිපයක ක්‍රියාකාරී සාමාජිකාවක් වන අතර දැනට ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන කමිටුවේ සාමාජිකාවක් ද වන ඇය 2022 වසරේ අප්‍රේල් මාසයේදී ඇය දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය ශූරිය ලෙස පත් කරන ලදී.

Shweta Pandey

ශ්වේතා පාණ්ඩේ

අධ්‍යක්ෂ (Independent)

ශ්වේතා පාණ්ඩේ මහත්මිය 2023 වසරේ අප්‍රේල් මස සිට NDB බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක් වන අතර ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරියකි.

පාණ්ඩේ මහත්මිය ඉන්දියාවේ Airtel Payments බැංකුවේ ආරම්භක කණ්ඩායම් සාමාජිකයින්ගෙන් කෙනෙකු වන අතර එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනිය වූවාය. ඇය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ/ලෝක බැංකු සමූහයේ සේවාදායකයින්ගේ මහා පරිමාණ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘති සඳහා ඩිජිටල් මූල්‍ය උපදේශකවරියක් ලෙසද සේවය කර ඇත.

ඇය MIT Sloan කළමනාකරණ පාසලෙන් MBA (USA)  උපාධියක්, ආර්ථික කළමනාකරණය සහ ප්‍රතිපත්ති පිළිබඳ MSc (UK)  උපාධියක් සහ ආර්ථික විද්‍යාව පිළිබඳ BA (India) උපාධියක් හිමිකරගෙන ඇත. ඇයගේ සුවිශේෂී නායකත්ව කුසලතාවයන් වෙනුවෙන් ඇගයීමට ලක් වූ ඇය, BW 40 Under 40 “Elite Club 2022”සඳහා නම් කරන ලද අතර MIT Sloan  විසින් අනාගතයේ බලගතු වෙනස්කම් ඇති කරන්නන්ගේ ප්‍රධාන නවෝත්පාදන අංශයේ ප්‍රමුඛ කාන්තාවක් ලෙස ද ගෞරවයට පාත්‍ර විය.

ඇය දැනට මියන්මාරයේ Maha Microfinance ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ IFC ආයතනයෙන් නම්කරන ලද අධ්‍යක්ෂවරියක ලෙසත්, Maha Microfinance සහ Trikuta Hills Essentials Divine Products (Private) Limited සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල වලත් සාමාජිකත්වය දරයි.

Hasitha Premaratne

හසිත ප්‍රේමරත්න

අධ්‍යක්ෂ (Independent)

හසිත ප්‍රේමරත්න මහතා 2023 වසරේ ජුනි මාසයේ සිට NDB බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකත්වය දරන අතර ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකි.

ප්‍රේමරත්න මහතා Brandix සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන අතර ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි එම ආයතනයේ සමස්ත උපායමාර්ගික සහ පරිවර්තනීය ගමන් මඟට නායකත්වය දෙයි. මෙම භූමිකාවට පෙර, ඔහු එම ආයතනයේ සමූහ මූල්‍ය අධ්‍යක්ෂ සහ ප්‍රධාන උපායමාර්ගික නිලධාරී ලෙස සේවය කළේය. Brandix ආයතනයට සම්බන්ධ වීමට පෙර, ඔහු HNB Stockbrokers (Private) Limited ආයතනයේ පර්යේෂණ ප්‍රධානියා වූ අතර CIMA (UK) හි කථිකාචාර්යවරයෙකු ලෙස දශකයකට වැඩි පළපුරුද්දක් හිමිකරගෙන ඇති අතර 2009 වසරේදී CIMA Global Financial Management Awards සම්මාන උළෙලේදී 'වසරේ උපදේශකයා' සම්මානයද දිනා ගත්තේය. ඔහු ශ්‍රී ලංකාව, ඉන්දියාව, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවල ACCA (UK) සමඟ ද කටයුතු කර ඇත. ඔහු මීට පෙර ලංකා බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අතර, අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් සහ නාමයෝජනා කමිටුවල සභාපතිත්වය දැරූ අතර, CIMA ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ, ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලයේ සහ ලංකා වාණිජ මණ්ඩලයේ කමිටු සාමාජිකයෙකු ලෙස සේවය කර ඇත.

ප්‍රේමරත්න මහතා ජාත්‍යන්තර මූල්‍ය පිළිබඳ MBA උපාධියක් සහ පරිගණක විද්‍යාව පිළිබඳ BSc උපාධියක් හිමිකරගෙන ඇත. ඔහු CIMA (UK), ACCA (UK) සහ CMA (SL) හි සාමාජිකයෙකු වන අතර වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු (CGMA) ද වේ.

Brandix සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ඔහුගේ භූමිකාවට අමතරව, ප්‍රේමරත්න මහතා Brandix සමූහයේ අනුබද්ධිත සමාගම් සහ ඒකාබද්ධ ව්‍යාපාර කිහිපයක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි. Brandix හැරුණු විට, ඔහු ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව සමාගම් සහ සංවිධාන ගණනාවක ප්‍රධාන නායකත්ව තනතුරු සහ අධ්‍යක්ෂ මණ්ඩල භූමිකාවන් ද දරයි.

Sanjaya Mohottala

සංජය මොහොට්ටාල

අධ්‍යක්ෂ (Non Independent)

සංජය මොහොට්ටාල මහතා 2025 වසරේ මැයි මස 16 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි NDB බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරන ලදී.

සංජය මොහොට්ටාල මහතා Boston Consulting Group (BCG) ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන අතර ඔහු මීට පෙර එහි කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ හවුල්කරුවෙකු විය. BCG ආයතනයේ වසර 16 කට වැඩි පළපුරුද්දක් ඇති ඔහු, යටිතල පහසුකම් අරමුදල්, Principal Investors and Private Equity (PIPE)  සේවාදායකයින්, Sovereign Wealth Funds (SWF), බැංකු, බහුජාතික සමාගම් සහ ඉන්දු-පැසිෆික්, යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය පුරා කලාපීය ව්‍යවසායන් සඳහා උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහුගේ විශේෂඥ ක්ෂේත්‍ර අතර උපාය මාර්ග, ආයතන ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම්, ආයෝජන, ප්‍රතිව්‍යුහගත කිරීම, මෙහෙයුම් වැඩිදියුණු කිරීම, විකුණුම් සහ අලෙවිකරණය, ඩිජිටල්කරණය සහ AI සහ උසස් විශ්ලේෂණ ඇතුළත් වේ. තවද ඔහු ආයතන ඒකාබද්ධ කිරීම් සාකච්ඡා, පශ්චාත් ඒකාබද්ධ කිරීම් සඳහා නායකත්වය දරා ඇති අතර මහා පරිමාණ ගෝලීය පරිවර්තන වැඩසටහන් වල සම-නායකත්වයන් දරා ඇත. ඔහු මීට අමතරව ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු රාජ්‍ය අංශයේ ප්‍රධාන භූමිකාවන් රැසක් සහ අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය - ශ්‍රී ලංකාව යනාදී ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික තනතුරු ද හොබවා ඇත.

මොහොට්ටාල මහතා UCLA Anderson School of Management වෙතින් (Fulbright ශිෂ්‍යත්වයක් ලෙස) MBA උපාධියක් හිමි කරගෙන ඇති අතර, මොරටුව විශ්ව විද්‍යාලයෙන් BSc (ගෞරව) උපාධියක් හිමිකරගෙන ඇත. තවද ඒ මහතා සුදුසුකම් ලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු (CIMA) වන අතර අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් (CIM) ද හිමිකරගෙන ඇත. මීට අමතරව මොහොට්ටාල මහතා Fulbright ශිෂ්‍යත්ව ලාභියෙකු වන අතර 2021 දී LMDCIMA හි 50 Business Icons and Trailblazers අතරට නම් කරන ලදී. මොහොට්ටාල මහතා සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන නෝර්වීජියානු ආයෝජන අරමුදල ("NORFUND ") විසින් නම්කරන ලද NDB බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා වේ.

BCG ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වීමට අමතරව, මොහොට්ටාල මහතා වර්තමානයේ Softlogic Life Insurance PLC සමාගම, Orbital Kinetic Pte. Ltd. සමාගම, Ifinity Pte. Ltd. සමාගම සහ තවත් සමාගම් කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසද සේවය කරයි.