අරලිය කාන්තා ඉතුරුම් ගිණුම

NDB අරලිය ඔබේ මූල්‍යමය යහපැවැත්ම ඉහළ නංවමින් තවත් ප්‍රතිලාභ රැසක් ලබා දෙයි
ගිණුම් විශේෂාංග
  • මාසික තැන්පතු මුදල සපුරාලන සියලු ගිණුම් සඳහා උපරිම පොලී 3.12%.
  • රු.10,000ක මුල් තැන්පතුව සඳහා පිළිගැනීමේ තෑග්ග.
  • මාසික සාමාන්‍ය ශේෂය රු.25,000 කට වැඩිව පවත්වාගෙන යන ගිණුම් සඳහා උපරිම තැන්පතු රු.25,000ක් වන නොමිලේ ශිල්ප ඉතිරි ගිණුම*
  • ගිණුම් හිමියා  සහ පවුල සඳහා උපරිම රු.1,000,000ක නොමිලේ ජීවිත ආරක්ෂණ ආවරණය.
  • ගිණුම් හිමියා සහ පවුල සඳහා නොමිලේ රෝහල් ප්‍රතිකාර ආවරණය*
  • ගිණුම විවෘත කරන දිනයේ සිට අවුරුදු පහක් ගතවූ පසු ගිණුම් හිමියාට නොමිලේ වෛද්‍ය පරීක්ෂණයක්.
  • මාසික සාමාන්‍ය ශේෂය රු.25,000 ඉක්මවා පවත්වාගෙන යන ගිණුම් සඳහා 21 වන උපන්දිනයේ තෑග්ග වවුචරයක්.
  • Araliya ලාංඡනය සහිත ATM ඩෙබිට් කාඩ්පත.
  • ඉල්ලීම මත ඊ-ප්‍රකාශනයන් හෝ ගිණුම් පොතක්.
  • NDB Neos ජංගම බැංකු යෙදුම සහ ඔන්ලයින් බැංකුකරණය මගින් ඩිජිටල් විසඳුම්.
  • කාන්තා ව්‍යවසායිකයින් සහ සේවකයන් සඳහා විශේෂ ණය.

ගිණුම විවෘත කිරීමට අවශ්‍ය අවම තැන්පතුව රු.5,000යි

පසුගිය මාස හයක් සඳහා සාමාන්‍ය ගිණුම් ශේෂය (රු.)

ජීවිත ආවරණය

රෝහල් ප්‍රතිකාර ආවරණය

25,000/- – 50,000/- උපරිම ආරක්ෂණ වාසිය රු.75,000/- -
50,001/- – 100,000/- උපරිම ආරක්ෂණ වාසිය රු.150,000/- අවම 2 දින.
උපරිම 10 දින
රු.2,000/- දිනකට
100,001/- – 250,000/- උපරිම ආරක්ෂණ වාසිය රු.200,000/- අවම 2 දින.
උපරිම 10 දින
රු.3,000/- දිනකට
250,001/- – 500,000/- උපරිම ආරක්ෂණ වාසිය රු.350,000/- අවම 2 දින.
උපරිම 10 දින
රු.4,000/- දිනකට
500,001/- සහ ඉහත උපරිම ආරක්ෂණ වාසිය රු.1,000,000/- අවම 2 දින.
උපරිම 10 දින
රු.5,000/- දිනකට

*ගිණුම් හිමිකරු සහ පවුල සඳහා රු. 1,000,000 දක්වා ජීවිත රක්ෂණ වාසියක් ලබා දේ.

*රක්ෂණ වාසි ලබා දීම සඳහා, පසුගිය මාස 6 තුළ නියමිත අවම සාමාන්‍ය ශේෂය පවත්වා ඇති ගිණුම් සඳහා පමණක් අදාළ වේ.

*සම්මත ආරක්ෂණ නීති අදාළ වේ.

*කොන්දේසි අදාළ වේ.

ඔබට අවශ්‍ය වන දේ
  • වලංගු ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය 
  • ඔබේ නවතම උපයෝගිතා බිල්පත.

ගිණුම් සසඳන්න