NDB බැංකුව තුළ ජීවිතය

NDB බැංකුවේ අපි අපගේ සේවකයින්ට ‘Think big, do bigger’ යන සංකල්පය යටතේ ඔවුන්ගේ සිහින හඹා යාමට සෑම විටම සවිබලය දෙන්නෙමු. අපි අපගේ සේවකයින්ට මෙන්ම ව්‍යාපාරයේ අන්‍යෝන්‍ය වර්ධනය සඳහා ආයෝජනය කරමු. අපගේ සේවක කණ්ඩායම සංවර්ධනය කිරීමට අප ගන්නා උත්සාහයන්හි සේවක යහපැවැත්ම අත්‍යවශ්‍ය අංගයක් ලෙස සලකනු ලබන අතර සෑම NDB සේවකයෙකුගේම ශාරීරික, සමාජීය සහ බුද්ධිමය සංවර්ධනය සහතික කිරීම සඳහා ඵලදායී වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වේ.

අපි අපගේ සේවක ප්‍රජාව සමග සම්බන්ධ වන්නෙමු! අපගේ සේවකයින්ගේ පවුල් සහ ආදරණීයන් අපගේම ප්‍රජාවේ කොටසක් ලෙස වැළඳ ගන්නා අතර සියලුම NDB සමාජ ක්‍රියාකාරකම් වලට අපගේ වටිනා අමුත්තන් ලෙස සේවකයින්ගේ පවුල් වල සාමාජිකයන්ද ඇතුළත් වේ.

සමාජයීය වර්ධනය

රැකියා ස්ථානයේ කණ්ඩායම් හැඟීමෙන් ක්‍රියාත්මක වීම වෙනුවෙන් රැකියාවෙන් පිටදී සේවකයන්ගේ ඇතිවන බැඳීම් ඉවහල් වන බව අප විශ්වාස කරමු. අපගේ සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල් වලට විනෝදය සහ විනෝදාස්වාදය ගෙන එන වැඩසටහන් පෙළකින් අපගේ වාර්ශික සමාජ දින දර්ශනය පිරී ඇත.

ශාරීරික සංවර්ධනය

අපගේ සේවකයින් ක්‍රියාශීලීව සිටීමට සහ ශාරීරික හා මානසික සෞඛ්‍ය රැකගැනීම සඳහා ව්‍යායාමයේ යෙදීමේ ප්‍රතිලාභ භුක්ති විඳීමට අපි දිරිමත් කරමු. NDB සේවකයින්ට ඔවුන්ගේ ශාරීරික සංවර්ධනය සහතික කිරීම සඳහා සුවිශේෂී ශරීර සුවතා මධ්‍යස්ථාන සහ අනෙකුත් ක්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා ප්‍රවේශය ලබා දේ.

බුද්ධිය වර්ධනය

NDB බැංකුවේ සියලුම සේවකයින් සඳහා ඔවුන්ගේ දැනුම සහ බුද්ධිය වර්ධනය කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති පුළුල් පරාසයක ඉගෙනුම් සහ සංවර්ධන අවස්ථා පිරිනමයි.