සෑම සිහින ලැයිස්තුවකටම සැලැස්මක් අවශ්‍යයි
දරුවන්ගේ ඉතිරි කිරීම් සැලසුම, දරුවාගේ උසස් අධ්‍යාපනය හෝ වෙනත් වැදගත් වියදම් සඳහා දෙමාපියන්ට ක්‍රමවත් ලෙස මුදල් ඉතිරිකිරීමට උපකාරී වීමට නිර්මාණය කර ඇත. මෙම ගිණුම දිගුකාලීන ඉතිරි කිරීම් වටිනාකම දක්වමින් ක්‍රමවත් තැන්පතු හරහා සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ලබාදීමට හැකියාව සපයයි.
වැඩි විස්තර
- වයස් සිමාව : වයස අවුරුදු 0-18 අතර
- පදිංචිය: ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු විය යුතුය
- විදේශගතව සේවය කරන, ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිව සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් (විදේශ රටක ස්ථිර පදිංචියක් නොමැති )
ගිණුම් විශේෂාංග
- ඒකාබද්ධ ගිණුම්: දෙමාපියන් හෝ භාරකරුවෙකු සමඟ එකට පවත්වා ගත හැක
- කල්පිරීමේ දිනය: දරුවාගේ වයස අවුරුදු 18 සපුරනතුරු / වයස අවුරුදු 1-18 අතර ඕනෑම දිනයක් (18ට පෙර කල්පිරීමක් වුවහොත් මුදල් “Shilpa” දරුවන්ගේ ඉතිරි කිරීම් ගිණුමට මාරු කළ යුතුය)
- ගෙවීම් දිනය: ගිණුම විවෘත කළ දිනයේ සිට මාසයකින්
- ගනුදෙනු සම්බන්ධ දැනුම්දීම් ක්‍රමය: ඊ-ප්‍රකාශණ (e-statements)
- Sweep In/Out: අවසර නොදේ
- ඩෙබිට් කාඩ්පත්: අවසර නොදේ
- චෙක්පත් හෝ ගෙවීම් ඇණවුම්: පිළිගනු නොලැබේ
- එකවර යම් මුදල් ප්‍රමාණයක් තැන්පත් කිරීම: අවම රු.10,000ක් ලෙස එකවර මුදලක් තැන්පත් කිරීමට හැකියාව ඇත. එම මුදල සහ පළමු වාරිකය ගිණුම විවෘත කරන විටම තැන්පත් කළ යුතුය.